වැව් ආශ්‍රිතව මංතීරු හදන්න රුපියල් බිලියන 02ක්

වැව් කිහිපයක් ආශ්‍රිතව මංතීරු හදන්න රුපියල් බිලියන 02ක්

by Staff writer 20-09-2021 | 9:28 AM

COLOMBO (News 1st) – තවත් වැව් කිහිපයක් ආශ්‍රිතව ඇවිදන මංතීරු ඉදිකිරීමට පියවර ගෙන තිබේ.

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එන්.පී.කේ. රණවීර මහතා පැවසුවේ බෙලිඅත්ත, අම්පිටිය, කඹුරුගමුව, කුරුණෑගල සහ කන්තලේ වැව් ආසන්නයේ එම ඇවිදින මංතීරු සහිත සංවර්ධන කටයුතු ක්‍රියාත්මක බවය ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 2 කි. සංවිධානාත්මකව අදාළ සංවර්ධන කටයුතුවලට විරෝධය පළ කළ ද, එම ව්‍යාපෘති අත්හිටුවීමට කටයුතු නොකරන බව එන්.පී.කේ. රණවීර මහතා ප්‍රකාශ කළේ ය. ඔහු සඳහන් කළේ, පරිසර සංවිධාන , ආගමික නායකයින් සහ ගොවි සංවිධාන ඇතුළු පාර්ශව ව්‍යාපෘතියට විරුද්ධව ගොනු කරන කරුණු සාධාරණ නම් පමණක් ඊට යහපත් ප්‍රතිචාර දක්වන බවය. මේ අතර ආන්දෝලනයට තුඩු දී ඇති පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුවේ ඉදිකිරීම් වාරිමාර්ග දෙපාර්තමේන්තු ඉංජිනේරුවරුන්ගේ නිර්දේශ මත ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ ය.