ලොහාන් රාජ්‍ය ඇමති වුණු පළියට විශේෂ වරප්‍රසාද නෑ

ලොහාන්ට ලයිසන් තුවක්කුවක් තිබුණු පළියට ඔහුට විශේෂ වරප්‍රසාද නෑ.. - නීතීඥ අතුල එස්. රණගල

by Staff writer 20-09-2021 | 4:32 PM

COLOMBO (News 1st) – බන්ධනාගාර රාජ්‍ය ඇමති වුණ පළියට ලොහාන් රත්වත්තේ මහතාට විශේෂ වරප්‍රසාද නොමැති බව නීතීඥ අතුල එස්. රණගල මහතා පවසයි.

ඔහු එ් බව සඳහන් කළේ, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මුල්කරගෙන ඇති වූ සංවාදාත්මක තත්ත්වය පිළිබදව සමගි නීතිඥ බලවේගයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ය. නීතීඥ අතුල එස්. රණගල මහතා
දැන් වරදක් කළා කියලා හෙළි වෙලා ඉවරයි . ඔහු වරද පිළි අරගෙන තනතුරින් ඉවත් වෙලා ඉවරයි. මෙහි දණ්ඩ නීති සංග්‍රහය උල්ලංඝණය වීමක් තියෙනවා අපරාධ නීතිය සම්බන්ධයෙන්. බරපතල ගණයේ ගිනි අවි භාවිතය නිසා වරදක් වෙලා තියෙනවා. රජයේ සේවකයින්ගේ රාජකාරියට බාධ වීමක් සම්බන්ධයෙන් වාර්තා වෙලා තියෙනවා. ඊට අමතරව බීමත්ව හැසිරීම සම්බන්ධයෙන් වෙනම පනතක් තියෙනවා. ඊට අමතරව අපේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධයෙන් ආඥා පනතක් තියෙනවා. ඒ පනත උල්ලංඝණය කරලා තියෙනවා. දැන් සමාන්‍ය පොඩි වරදක් කළ මනුස්සයෙක් අත්අඩංගුවට අරන් ඉදිරිපත් කරනවා අධිකරණයට මේ පනත් කිහිපයක වැරදි කළ පුද්ගලයකුට තාම අත්අඩංගුවට ගැනිමට ඉදිරිපත් වෙන්න. පොලිසිය ක්‍රියාත්මක වෙලා නෑ. ඒ නිසා මේ පරීක්ෂණය සදාරණ වෙන්න නම්. යුක්තිය ඉටු වෙන්න නම් ඔහු වහාම අත්අඩංගුවට අරන් ඉදිරිපත් කරන්න ඔනි. ඔහු බන්ධනාගාර රාජ්‍ය ඇමති වුණ පලියට ඔහුට විශේෂ වරප්‍රසාද නෑ. ලයිෂන් එකක් තිබුණ පලියට දකින දකින එක්කෙනාට වෙඩි තියන්නයි මේවා උල් කරලා බය කරන්නයි ලයිසන් තුවක්කුවකින් ඒක කරන්න බෑ.