COLOMBO (News 1st) - කොරෝනාවට වඩා 'ආණ්ඩුව ප්‍රබල වෛරසයක්' යන තේමාවෙන් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද(20) පෙරවරුවේ පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.
මේ එහිදී කරුණු පැහැදිලි කළ මන්ත්‍රීවරුන්.
සමගි ජන බලවේගයේ පා.ම., හරීන් ප්‍රනාන්දු මහතා,
මතක තියාගන්න ඕනෑම වෛරසයක් එන්නේ පිටරටින් මං මතක් කරනවා අපේ මුදල් ඇමතිතුමත් ඇවිල්ලා තියෙන්නේ පිටරටින් අපේ ජානාධිපතිතුමත් ඇවිල්ලා තියෙන්නේ පිටරටින් මේ කොවිඩ් වෛරසය ඇවිල්ලා තියෙන්නෙත් පිටරටින්. ඒ නිසා මේ ඔක්කෝම එකයි. මේ ඔක්කෝම වෛරසයක්. ඒ නිසා මේ මුළු රටටම වෛරසයක් වෙලා තියෙන ආණ්ඩුව ඉවත් කිරීමට මං හිතනවා අපි කටයුතු කළ යුතුයි කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනේ. මොකද අපිට ලෝකු ආරංචියක් තියෙනවා මේ ආණ්ඩුව නොවැම්බර් මාසේ වෙනකොට මේ මිනිස්සුන්ට මිනිස්සුන්ව ආරක්ෂා කරන්න දෙන්න ඕනේ වැක්සින් එක වෙනුවට ආණ්ඩුව බේරාගන්න දුන්නු වැක්සින් එක ගහලා විශාල උත්සවයක් තියන්නට බලාපොරොත්තුවෙන් ඉන්නවා හැබැයි අපි කියනවා ඔබතුමාලා ඇති කරලා තියෙන හොරකමේ වෛසරය නැති කරන්නේ නැතුව මේ කිසි දෙයක් නැතියෙන්නේ නැහැ කියන එක මතක් කරන්න ඕනේ.
සමගි ජන බලවේගයේ පා.ම, එස්. එම්. මරික්කාර් මහතා,
වැක්සින් එක ආපු ගමන් මොකක්ද කළේ? දුර්වල කළමනාකරණය නොහැකියාව හා ජනතාවට විරුද්ධව තියෙන වෛරසය ආණ්ඩුව නිසා 60 ට වැඩි අයට ප්‍රමුඛතාවය දුන්නේ නෑ. 30 යි 60 යි අතර අයට තමා දුන්නේ. මේ මැරිච්ච අයගෙන් වැඩි ප්‍රමාණයක් වැක්සින් එක නොලැබුණු අය නම් වැඩි ප්‍රමාණයක් 60 ට වැඩි අය නම් ඒක ප්‍රමාද කිරීමේ වගකීම ඒගොල්ලන්ට ප්‍රමුඛතාවය නොදීමේ වගකීම ජනතාවට වෛරසයක් වෙච්චි මේ ආණ්ඩුව භාරගත යුතුයි. විපක්ෂයේ අපි, වෛද්‍ය විශේෂඥයින්, බලධාරින් සියලු දෙනාම ආණ්ඩුවට බලපෑම් කලා මේ රට වහන්න වහන්න, තුන්වෙනි රැල්ල මිය යන යන ප්‍රමාණය වැඩි වෙනවා කියලා. වැක්සින් එක පරක්කු කලේ ඔබතුමන්ලා. ඒ වගේම 60 ට වැඩි අයට ප්‍රමුඛතාවය ලබා නොදුන්නේ ඔබ තුමන්ලා. ඒ වගේම ලොක්ඩවුන් එක හරියාකාරව ක්‍රියාත්මක නොකලේ ඔබතුමන්ලා. ඒ නිසා මේ සියල්ලට වගකියන්න ඕන අපේ රටේ ජනතාවට විරුද්ධව තියෙන මේ පොහොට්ටු වෛරසය කියන එක අපි කියන්න කැමතියි.
සමගි ජන බලවේගයේ පා.ම, මනුෂ නානායක්කාර මහතා,
ආර්ථික මාෆියාවක් වෙළෙඳ කණ්ඩායමක් හොරු රැලක් මේ වෛරස් කණ්ඩායමත් එක්ක එකතුවෙලා වැඩ කරනවයි කියන එක අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. රට විකුණන්නේ නෑ කියලා ඉඩම් විකුණන්නේ නෑ කියලා ඇවිල්ලා අද රටේ තියෙන සියලුම ඉඩම් ටික විකුණන ඒ වගේම බලාගාරවල ඉඳලා සියල්ල විකුණන ආර්ථික වෛරසයක් බවට මේ කණ්ඩායම අද පත්වෙලා තිනෙවා. තමන්ට ඕන කරන විදිහට බඩ පිණුම් ගහන්න පුළුවන් විදිහට දේශපාලනික ඉත්තෙක් මහ බැංකුවට දාලා මේ ස්වාධීනව පැවතිය යුතු මේ මහා බැංකුවට දාලා මේ ක්‍රියාත්මක කරන්න සුදානම් වෙන්නේ කියන එක අපි මේ වෙලාවේ සඳහන් කරනවා. කොරෝනාවටත් වඩා භායානක වෛරසය තමයි මේ පොහොට්ටු වෛරසට රාජපක්ෂ වෛසරය මේ නිසා තමයි රටේ මිනිස්සු අද රට දාලා යන්න පටන් අරගෙන තියෙන්නේ.
සමගි ජන බලවේගයේ පා.ම, නලින් බණ්ඩාර මහතා,
අලුත්ම වෛරසය තමා ජාතිවාදි වෛරසයත් පතුරුවාගෙන යනවා. මේ වෛරසය පතුරුවලා තමයි මේගොල්ලෝ බලය දිනා ගත්තේ . ඒ වගේ ප්‍රතිවිපාක තමයි අද අපි විදිමින් ඉන්නේ. ඒ නිසා රාජපක්ෂවරුන්ට කියනවා ඒ ඔයාලා විසින් හදපු වෛරසය දෙවැනි වතාවටවත් පාවිච්චි කරන්න ලෑස්ති වෙන්න එපා. වෛරසය ප්‍රචාරය කරන්න වෙරි වෙලා නටන්න මිනිස්සු ඒකරාශි කරන්න බාර් ඇරියා. පොලීසියටත් ඇඩ්‍රස් නැත. දැන් මම අහනවා ගිය සතියේ මේ වයින් ස්ටෝර්ස් 1200 ගානේ කිදෙනෙක් පොර කෑවාද? හදන්නකෝ 200 ක් පොර කෑවා කියලා. දෙලක්ෂ හතලිස්දාහක්. එතකොට ගුරු පොකුරද ලොකු වයින් ස්ටෝර්ස් බාර් පොකුරද? බොහෝම වගකිමෙන් කියනවා සමගි ජන බලවේගයේ එකදු මන්ත්‍රීවරයෙක් සතුවවත් නියමයෙන් හෝ අනියමෙන් වයින් ස්ටෝර්ස් නෑ. හැබැයි ඒගොල්ලෝ සතුව නියමයෙන් හා අනියමෙන් බාර් 100 ක් විතර තියෙනවා. බාර් 100, සිය දෙනෙකුගේ නෙවෙයි 25 ගේ 30 කගේ . ඒ හින්දා මේ වෛරසයෙන් මේ රට බේරගන්න ඕන.