බිනර පොහොය අද..

බිනර පොහොය අද..

by Staff writer 20-09-2021 | 7:00 AM

COLOMBO (News 1st) – බිනර පුර පසලොස්වක පොහොය දිනය අදට (20)යෙදී තිබේ.

බෞද්ධ ශාසන ඉතිහාසයේ බිනර පොහොයට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩවසන සමයේ මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු 500ක් කුල කාන්තාවන් තෙවන වරටත් පැමිණ පැවිදි වන්නට අවසර ඉල්ලා සිටියේ අද වැනි පුර පසලොස්වක දිනකදී ය. එහිදී ආනන්ද තෙරුන් වහන්සේගේ මැදිහත්වීම මත බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුණීන් පිළිපැදිය යුතු ගරු ධර්ම 8 ක් පනවමින් ඊට අවසර ලබා දුන්නේ ය. මේ අතර සද්ධර්මරත්නාවලිය , පූජාවලිය , සද්ධර්මාලංකාරය , ජාතක පොත් වහන්සේ වැනි සම්භාව්‍ය ගණයට ගැනෙන ධර්ම ග්‍රන්ථ රැසක් බිනර මාසයේ රචනා කර ඇතැයි ශාසන ඉතිහාසයේ සඳහන් ය.