මැතිවරණයෙන් රුසියානු ජනපතිගේ පක්ෂය ඉදිරියෙන්...

පවතින ඡන්ද ප්‍රතිඵල අනුව රුසියානු ජනපතිගේ පක්ෂය ඉදිරියෙන්...

by Staff writer 20-09-2021 | 2:57 PM

News 1st - ගණනය කරන ලද ඡන්ද ප්‍රතිඵලවලින් පාර්ලිමේන්තු මැතිවරණයේ බහුතරය දිනා ගැනීමට රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින්ගේ පක්ෂය සමත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 33% ඡන්ද ප්‍රතිඵල ගණනය කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණයේ බහුතරය යුනයිටඩ් රෂියා පක්ෂය දිනාගෙන ඇති බවය. ඒ අනුව එම පක්ෂය 45% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තිබේ. ආසන්නතම ප්‍රතිවාදී පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂය හිමිකර ගෙන ඇති ඡන්ද ප්‍රතිශතය 22% කි. රුසියානු විපක්ෂය දැඩි ලෙස මර්දනය කරන ලද පසුබිමක් තුළ මෙවර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වේ.