ජොගින් ට්‍රැක් හදනවාමයි..

ජොගින් ට්‍රැක් හදනවාමයි.. - නාගරික සංවර්ධන අධිකාරිය

by Staff writer 20-09-2021 | 10:21 PM

COLOMBO (News 1st) - පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ආරම්භ කිරීමට සූදානම් වූ ඉදිකිරීමත් සමග ඇවිදින මංතීරු පිළිබඳව සංවාදයක් මතුවී තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය අද (20) පැවසුවේ, අයවැයෙන් වෙන්කළ රුපියල් බිලියන 2 ක මුදල් යොදාගෙන මෙම මංතීරු ඉදිකර අවසන් කළ යුතුව ඇති බවයි. සංවිධානාත්මක කණ්ඩායම්වල බලපෑම් මත මේ ඉදිකිරීම් අත්නොහරින බව ද නාගරික සංවර්ධන අධිකාරිය අවධාරණය කළේ ය. නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, එන්.පී.කේ.රණවීර මහතා,
අපිට රාජ්‍ය අයවැයෙන් ලැබුණු රුපියල් බිලියන 2 ක් දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණයවන පරිදි ඇවිදින මංතීරූ සකස් කරන්න කියලා. බොහෝ වෙලාවට කැලැ රක්ෂිත, ජල රක්ෂිත, ඒ වගේම පාර දෙපැත්ත ඉඩ තියෙන දෙවල් මොකද මිනිස්සුන්ට දුවීලි වදින්නේ නැතුව ශාරිරයට ව්‍යායාම කටයුතු කරනකොට මිනිස්සුට ඇවිදින්න පුළුවන් වටපිටාවක් යෙන්න ඕනේ. අපි දිවයිනේ මේ අවුරුද්දේ සැලසුම් කරලා තියෙනවා ඇවිදන මංතීරු 26 ක් මේවායේ ඉදිකරීම් කටයුතු අපි ආරම්භ කරලා දැනටමත් 26 ම මේ වසර තුළ ඉදිවෙමින් තිබෙනවා. අනිවාර්යෙන් මේ වසර අවසාන වනවිට අපිට මේවා ඉවර කරන්න ඕනේ. අපි අද දැකලා තියෙනවා සංවිධානත්මක පිරිස් සංවිධානාත්මක කණ්ඩායම් ඒ පිළිබඳ කිසි අධ්‍යානයක් නොකර ඒ පිළිබඳව විරෝධතා එල්ල කරන්න පටන් අරන් තියෙනවා ඒ පිළිබඳ නිසි අධ්‍යනයකින් තොරව ඒ නිසා අපි තීරණය කරලා තියෙනවා නාගරික සංවර්ධන අධිකාරිය සහ රජය හැටියට අපි මේ සංවිධානත්මක කණ්ඩායම්වල පදනම් විරහිත චෝදනා සහ බලපෑම් නිසා අපි සැලසුම් කරලා තියෙන සංවර්ධන සැලසුම් නවත්තන් නෑ මොකද ඒ සඳහා අපි ඉදිරියේදී අවශ්‍ය කටයුතු කරනවා.