චාල්ස් ප්‍රදීප් ඇතුළු දෙදෙනාට ඇප..

කොටුවේ උද්ඝෝෂණය කළ චාල්ස් ප්‍රදීප් ඇතුළු දෙදෙනාට ඇප..

by Staff writer 20-09-2021 | 3:50 PM

COLOMBO (News 1st) – එක්සත් ස්වයං රැකියා වෙළෙඳ සංගමයේ සභාපති චාල්ස් ප්‍රදීප් මහතා ඇතුළු දෙදෙනා ඇප මත මුදාහැරීමට අධිකරණයෙන් නියෝග කර තිබේ.

ඔවුන් කොළඹ, කොටුව දුම්රියපොළ ඉදිරිපිට ඊයේ(19) දහවල් විරෝධතාවක නිරත වීම හේතුවෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට එරෙහිව එය සංවිධානය කර තිබුණි. එහිදී කොටුව පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ, නිරෝධායන නීතියට අනුවයි.