by Staff writer 20-09-2021 | 3:48 PM
COLOMBO (News 1st) – එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමේ හැකියාව පිළිබඳ අධ්‍යනයක් ආරම්භ කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, ඊට පවතින නීතිමය තත්ත්වයන් ඇතුළු කරුණු පිළිබඳ අවධානය යොමු කරන බවය.
එන්නත්කරණයට ලක්විය යුතු සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට ලක් වීමෙන් පසු පමණක් අදාළ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බව ඔහු ප්‍රකාශ කළේ ය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ , එන්නත්කරණයට ලක් නොවූ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට ඔවුන්ගේ නිවෙස් වෙත ගොස් එන්නත් ලබා දීම තවදුරටත් වේගවත් කරමින් ඇති බවය.