ඉතාලි ගිය අගමැති යළි දිවයිනට..

ඉතාලි ගිය අගමැති යළි දිවයිනට..

by Staff writer 20-09-2021 | 10:16 AM

COLOMBO (News 1st) – නිල සංචාරයක් සඳහා ඉතාලිය බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස අද(20) අලුයම දිවයිනට පැමිණියේ ය.

ඒ, ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 309 දරන ගුවන් යානයෙන් ය. ඉතාලියේ බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවති ජී 20 අන්තර්ජාතික සමුළුවට සහභාගි වීම සඳහා අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස දිවයිනෙන් පිටත්ව ගියේ පසුගිය 10 වැනිදා ය. සමුළුවේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම සහ රාජත්‍රාන්ත්‍රික හමුවීම් රැසක් මෙහිදී සිදුව වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදි ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව හමුවීම සුවිශේෂි ය. වසර 20 සේවා කාලය නිමා කළ පසු ඉතාලි රජයෙන් ශ්‍රී ලාංකිකයන්ට හිමිවන විශ්‍රාම වැටුප ලංකාවට පැමිණි පසුත් ලබා ගැනීමේ හැකියාව සලසා දීම සම්බන්ධයෙන් ඉතාලි රජය සමඟ සාකච්ජා කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ජී.එල්. පීරිස් මහතාට උපදෙස් දී තිබේ.