පුංචි පවුලට යළි නැගී සිටින්නට ගම්මැද්ද හයියක් වෙයි

ඇඳිවත පමණක් ඉතිරි වූ පුංචි පවුලට යළිත් නැගී සිටින්නට ශක්තියක් වූ මනුස්සකම

by Staff writer 20-09-2021 | 10:39 PM

COLOMBO (News 1st) - ජනතාවගේ සැබෑ ප්‍රශ්න විසඳා ගන්න දැන් ජනතාවම එක්වෙනවා.

කොරෝනා හැමදේම ලොක්ඩවුන් කළත් කරදර එන්නේ ගමේ වැටවල් කඩාගෙන. පසුගිය සිකුරාදා හසලක උල්පතගම ට හොඳ දවසක් නෙවෙයි. නෙල්සන් බණ්ඩාරලා නම් නිදා ගන්නේ නැත. යාන්තම් හරි නිදාගත්තෙ අවුරුද්දක දරුවා විතරයි. වනඅලි වට කළා... බිත්ති පෙරළුවා... වී බිව්වා... ගමේම මිනිස්සු පොර බදලා අලි එළවනකොට ඉතිරි වුණේ ඇඳී වත විතරයි.. නිව්ස්ෆස්ට් රටට මේ දුක කිව්වා. ගම්මැද්දත් එක්ක ජනතාව එක් විය. අද අලුත් නිවසකට මුල්ගල් තැබුණි. මේ පුංචි පවුලේ දුක බලන් ඉන්න බැරි වුණු ඔබ නිසා පසුගිය සිකුරාදා සිදු වූ මේ අවාසනාවන්ත සිදුවීමට දවස් තුනක් සම්පූර්ණ වෙන්නත් කලින් ඔවුන්ට විසඳුම් ලබා දීමට ගම්මැද්දේට හැකි විය.