මුදල් වංචාවකට නයිජිරියානු ජාතිකයින් දෙදෙනෙකු කොටු.

WhatsApp හරහා මුදල් වංචා කළ නයිජිරියානු ජාතිකයින් දෙදෙනෙකු කොටු..

by Staff writer 19-09-2021 | 4:23 PM

COLOMBO (News 1st) –  අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ නයිජිරියානු ජාතිකයින් දෙදෙනෙකු දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබුණු පැමිණිල්ලට අදාළව කළ මෙහෙයුමකදී ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අදාළ පුද්ගලයින් දෙදෙනා ලාංකික කාන්තාවකගේ WhatsApp ගිණුමට ත්‍යාගයක් ලැබී ඇති බවත්, ඒ සඳහා යම් මුදලක් ඔවුන්ගේ ගිණුමට තැන්පත් කරන ලෙසටත් ඉල්ලා සිටි බවත් ය. ත්‍යාගයේ ඡායාරූප ඒවා තිබූ බවට ද තොරතුරු අනාවරණය විය. විමර්ශනවලට අනුව අත්අඩංගුවට ගත් ඔවුන් මේ මස 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.