හෙට පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි..

හෙට පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි..

by Staff writer 19-09-2021 | 5:53 PM

COLOMBO (News 1st) – උතුර , උතුරු මැද ,ඌව සහ නැගෙනහිර පළාත්වල හෙට(20) සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක වැසි ඇති විය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.