නිරෝධායන නීති කැඩූ 551ක් අත්අඩංගුවට..

නිරෝධායන නීති කැඩූ 551ක් අත්අඩංගුවට..

by Staff writer 19-09-2021 | 12:33 PM

COLOMBO (News 1st) –නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 551 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , ඊයේ (18)උදෑසන 6.00 සිට අද(19) උදෑසන 6.00 දක්වා කළ මෙහෙයුම්වලදී ය. එම කාලය තුළ වාහන 37 ක්ද පොලිස් භාරයට ගෙන තිබේ. නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 75,058 කි. මේ අතර නිසි අවසරයක් නොමැතිව මාර්ග මාධක හරහා ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් 164 දෙනෙකු හා වාහන 292 ක්ද ආපසු හරවා යැවූ බව පොලීසය සඳහන් කළේ ය.