by Staff writer 19-09-2021 | 9:33 PM
COLOMBO (News 1st) - අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට රජය උනන්දු නොවීම තුළ දිගින් දිගටම දරුවන්ට අධ්‍යාපනය අහිමි කිරීම පිළිකුලෙන් යුතුව බැහැර කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරන විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ, ගුරු විදුහල්පති වැටුප් විෂමතා අරගලයට සාධාරණ විසඳුමක් වහාම ලබා දී රටේ දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීමට කටයුතු කළ යුතු බවය.
පාසල් හා විශ්වවිද්‍යාල දරුවන් සඳහා සුදුසු කොවිඩ් මර්දන එන්නතක් කඩිනමින් ලබා දී වසා දමා ඇති පාසල් හා විශ්වවිද්‍යාල වහාම විවෘත කර දරුවන්ගේ අහිමි වූ අධ්‍යාපනය ලැබීමේ අයිතිය හා ඔවුන්ගේ අනාගත සුරක්ෂිත බව තහවුරු කරන්නැයි පාලකයින්ට බලකර සිටින බව විපක්ෂ නායකවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
ආණ්ඩුවට හා එහි නායකයින්ට අධ්‍යාපන අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගලවා ගැනීමට සාධනීය වැඩපිළිවෙළක් පවතින බවක් දක්නට නොමැති බවත්, අවාසනාවන්ත අධ්‍යාපන අර්බුදයේ වර්තමාන හා අනාගත ප්‍රතිවිපාකයන්හි බරපතලකම පාලකයන්ට අවබෝධ නොවීම අතිශය පිළිකුල් සහගත බව ද විපක්ෂ නායකවරයා පවසයි.
දශක ගණනාවක් භුක්ති විඳින ලද නිදහස් අධ්‍යාපන වරප්‍රසාදයෙන් රටේ දිළිඳු අසරණ දරුවන් බැහැර කෙරෙමින් පවතින බව විපක්ෂ නායාකවරයාගේ නිවේදනයේ සඳහන් වේ.