දත්ත මැකීයාම ගැන CID යට පැමිණිල්ලක්..

දත්ත මැකුණේ ඉංජිනේරුවන්ගේ ඇඟිලි මාරුවෙලා නෙමෙයිනේ.. - සුනිල් හඳුන්නෙත්ති

by Staff writer 19-09-2021 | 9:19 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා රජයේ ක්ලවුඩ් දත්ත පද්ධතියේ ගබඩා කළ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ(NMRA) දත්ත මැකීයෑමේ සිදුවීම පිළිබඳව පැමිණිල්ලක් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් අද (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) පැමිණිල්ලක් කර තිබේ.

දත්ත මගඩිය පිළිබඳව සැක මතුවන අවස්ථා ගණනාවක් ගැන සඳහන් කරමින් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් අද මේ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි. පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි,
මේ ඖෂධ මාෆියාවේ යට ඉන්න මහා මංකොල්ලකාරයෝ ටික මේවා ඉතාමත් සූක්ෂමව සඟවා සිටිමින් කටයුතු කරන බවක් අපට පේනවා. කොරෝනාවට අදාළ කරන යම් යම් බෙහෙත් හේත් සහ ඒ සම්බන්ධ ඇන්ටිජන් සහ අනෙකුත් පරීක්ෂණයන් ගෙන්නපු සියල්ලම සිදු කරලා තියෙන්නේ මැනුවලි මේ සිස්ටම් එක අතුලේ නෙමෙයි, එතකොට මේ සිස්ටම් එක ඩැමේජ් වෙලා නැති, මුකුත් හානියක් වෙලා තිබුණේ නැති වෙලාවේ සිස්ටම් එක ඔන්ලයින් තිබිච්ච වෙලාවේ තමයි සියලුම කොරෝනා සම්බන්ධ බෙහෙත් සහ ඊට අදාළ පරීක්ෂණ කට්ටල ගෙනල්ලා තියෙන්නේ. ඒකත් ඉතාම බරපතල අර්බුදයක්. එකම මාෆියාවකට තමයි ඖෂධ නියාමනය කරන්න තියෙන්නේ, ඖෂධ ගෙන්නන්න තියෙන්නේ, ඖෂධ පර්යේෂණ කරලා තියෙන්නේ, බෙදාහැරීම තියෙන්නේ රාජ්‍ය අමාත්‍යංශට. විදිමත් විදියට රාජ්‍ය අමාත්‍යංශය ගොඩනගන්න අවශ්‍යයි, එහෙම නැත්නම් සෞඛ්‍ය අමාත්‍යංශයටවත් පවරගෙන ප්‍රධාන කැබිනට් අමාත්‍යංශයටවත් පවරගෙන විදිමත් කරන්න.
ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා,
කිසිම පරීක්ෂණයක් නතර වෙලා නෑ. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, ඒ වගේම අමාත්‍යංශ මට්ටමේ කටයුතු කෙරීගෙන යනවා. මේ පිළිබඳ නීතිමය කටයුතු ඉදිරියට යනවා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන තොරතුරු මත ඉදිරියේදී සුදුසු ක්‍රියාමාර්ග ගන්නවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සුනිල් හඳුන්නෙත්ති මහතා, මේක මේ ඉංජිනේරුවරයෙක්ගේ අත ඇඟිලි මාරු වෙලා සිද්ධ වෙච්ච ක්‍රියාවලියකට වඩා එහා ගිය දෙයක් බවට පත් වෙලි තියෙන්නේ දැන්. අපිට පේන දේ තමයි ඔය කියන ඉංජිනේරුවරයා සේවයෙන් ඒ ආයතනයෙන් ඉවත් වෙන්නත් දින නියම කරගෙන තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. මෙතන බරපතලම ප්‍රශ්නේ තියෙන්නේ රාජ්‍ය රහස් තියන තැන්වල එහෙම ඒකකයක, මෙවැනි අනාරක්ෂිත තත්ත්වයක් තියනවා නම් අපේ රටේ ජාතික ආරක්ෂාව ගැන මොකක්ද කියන්න තියෙන්නේ.