NMRA සිද්ධියේ අමාත්‍යාංශ විමර්ශන තාවකාලිකව නවතී..

දත්ත මැකී යාමේ සිද්ධියේ අමාත්‍යාංශ මට්ටමේ විමර්ශන තාවකාලිකව නවතී..

by Staff writer 19-09-2021 | 2:54 PM

COLOMBO (News 1st) – ජාතික ඖෂධ නියාමන අධිකාරියේ(NMRA) අධි සංවේදී දත්ත රැසක් මැකී යාමේ සිද්ධියට අදාළ අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාත්මක විමර්ශන තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) සිද්ධියට අදාළව විමර්ශනයක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන්ය. එය අවසන්වූ පසු අමාත්‍යාංශය යළි විමර්ශන ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.