චීනයෙන් ගෙන්වූ පොහොර සාම්පලවල බැක්ටීරියාව බරපතලයි

චීනයෙන් ගෙන්වූ පොහොර සාම්පලවල බැක්ටීරියාව බරපතලයි - මහාචාර්ය දේවිකා ද කොස්තා

by Staff writer 19-09-2021 | 9:45 PM

COLOMBO (News 1st) - කාබනික පොහොර, වගාවන්ට යොදන්න ආණ්ඩුව ගත්ත ප්‍රතිපත්ති තීරණය නිසා පහුගිය කන්නයේ ගොවීන් පත් වූ තත්ත්වය දැන් රහසක් නොවේ.

මීළඟ කන්නයේ අඩුවක් නැතුව කාබනික පොහොර දෙන බවට කෘෂිකර්ම ඇමතිවරයා දැන් පොරොන්දු වී ඇත. මේ වනවිට ක්විංඩාවෝ සීවින් බයෝටෙක් කියන චීන සමාගමට අපේ රටේ කාබනික පොහොර ගෙන්වන ටෙන්ඩර පිරිනමා තිබේ. චීන සමාගම මේ කාබනික පොහොර හදන්නේ මුහුදෙන් ගන්න පැළෑටිවලිනි. මේ පොහොර සාම්පලයක් අපේ රටට ගෙන්වලා ශාක නිරෝධායන සේවයට යවලා පරීක්ෂා කළ අවස්ථාවේ හෙළිවුයේ, අර්වීනියා කියන අහිතකර බැක්ටීරියාව මේ පොහොර සාම්පලයේ අඩංගු බවය. මේ බැක්ටීරියාව සුළුවෙන් තැකිය හැකි එකක් නොවෙයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ශාඛ ආරක්ෂණය පිළිබඳ මහාචාර්ය දේවිකා ද කොස්තා,
අර්වීනියා විශේෂ බොහොමයක්ම හඳුනාගෙන තියෙන්නේ කෘෂිකර්මයට බොහෝ බලපෑම් කළ හැකි ඉතාමත්ම දරුණු ගණයේ ශාඛ ව්‍යාධිජනකයෙක් හැටියට. එහෙම කෙනෙක් හිටි හැටියේ විශාල වශයෙන් අලුත් පද්ධතියකට එකතු වෙනවා කියලා කියන්නේ එතන එකක්, ස්වභාවිකව තිබුණු තත්ත්වයේන අසමතුලිතතාවයක් ඇති වෙනවා. මේ බැක්ටීරියාවල තියන තවත් වැදගත්කමක් තමයි අපිට ආර්ථිකව වටිනාකමක් තියන විශාල බෝග පරාසයකට අර්වීනියාවලට රෝග බෝ කිරීමේ හැකියාවක් තියනවා. එළවළු බෝග විශාල ප්‍රමාණයක් ඒ වගේම අල බෝග ක්ෂේත්‍ර බෝග මල් හා විසිතුරු බෝග ඒ වගේ විශාල පරාසයක තියන ආර්ථික බෝගවලට රෝග ඇති කිරීමේ හැකියාවක් තියනවා මේ බහුතරයක් අර්වීනයා විශේෂවලින්. මේ රෝග ශාඛ ක්ෂේත්‍රයේ පවතින අවස්ථාවේ විතරක් නෙවෙයි පසු අස්වනු හානිවලටත් බහුල ලෙස බලපානවා.

විස බැක්ටීරියා සහිත පොහොර සාම්පල ලංකාවට ආවේ කොහොම ද ?

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය අජන්ත ද සිල්වා,
සාම්පලයක් ගෙන එන්න අපි ඉස්සලා දෙනවා ශාක නිරෝධායන ආයතනයෙන් අවසර පත්‍රයක්. මේ අවසර පත්‍රය මගින් තමයි ගේන්නේ. ඒ එනකොට සෙටිෆිකට් එකක් දෙනවා නිෂ්පාදනය කරන සමාගමෙන් හා රටෙන්. ඒ සහතිකයත් එක්ක තමයි සාම්පලය ලංකාවට එන්නේ. ඒ ආව සම්පලය කොහෙවත් යන්නේ නැහැ මේ සම්පලයේ සම්පූර්ණ පරීක්ෂණය අවසන් වන තුරු. එක තමයි දැන් සිදු කරලා තියෙන්නේ.
එහෙත් අමාත්‍යවරයා නම් කියන්නේ මේ සාම්පලය අනාරක්ෂිතව පැමිණි බවයි. කෘෂිකර්ම අමාත්‍ය, මහින්දානන්ද අලුත්ගමගේ මහතා,
අපි මේ පොහොරවල සම්පල් කීපයක්  unofficially ඒ කියන්නේ නීත්‍යානුකූල භාවයෙන් බැහැරව මේ සමාගම්වලින් ගෙන්න ගත්තා අපි මේක පරීක්ෂා කරන්න මේ ගෙනාපු ක්‍රමවේදය ගත්තහම ඒ සියලු ආපු විදිහ ගත්තු විදිහ බෙදපු ක්‍රමය පිළිබඳව අපේ අමාත්‍යාංශයට යම් ප්‍රශ්නාර්ථයක් තියෙනවා නිකම් මේ ප්ලාස්ටික් බෑග් එකක තමයි මේ පොහොර ඇවිල්ල තියෙන්නේ ඕනම කෙනෙකුට පුළුවන් මේ පොහොරවලට පොඩි injection කටුවකින් පොඩ්ඩක් ගැහුවොත් මේ සම්පල් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.
ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක මහතා,
විධිමත් සාම්පලයක් ගෙන්වා ගැනීම තමයි අමාත්‍යංශයේ වගකීම. එයාට කියන්න බැහැ මේ සොපින් එකෙන් ගෙනාවා, කවුරුහරි ඉන්ජෙක්ශන් එකකින් ගැහුවද දන්නේ නැහැ. මේක අපේ රටේ වැදගත් සේවයක් කරපු ශාඛ නිරෝධායන සේවයට කරන අපහසයක් මේක. ඒ මිනිස්සුන්ව සැක කරන්නේ. ඒ මිනිස්සුන්ට තර්ජනය කරන්නේ මේ. මම සී.අයී.ඩි යනවා. සි අයි. ඩී යන්න ඕනේ මෙවැනි බැක්ටීරියා සහිත සාම්පල ගෙන්වා ගත්තේ කවුද කියලා බලන්න. තර්ජනයක් මේ. ඇයි මේක ඩොලර් මිලයන 63 ක ගනුදෙනුවක්. කෝමහරි මේක පටවන්න ඕනේ. චීන සමාගමට දෙන්න ඕනේ. මේකයි වෙලා තියෙන්නේ. ජනාධිපතිවරයා මේ තීන්දු ගත්තේ කවර පර්යේශකයින්ගෙන් අහලද?
චීන සමාගම සහ පොහොර ගනුදෙනුව පිළිබඳවත් මෙහිදී අදහස් පළ විය. ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක මහතා,
බලහත්කාරයෙන් මේවා අනයනය කරනන් ප්‍රමිතියන් හදාගෙන කැබිනට් පත්‍රිකාවක් දැම්මා. කවුද තෝරගෙන තියෙන්නේ, ක්වින්ඩාවේ ස්වීන් බයෝටෙක් කියන සමාගම. මෙට්‍රික්ටොන් එකක් අමෙරිකන් ඩොලර් 446 ක්. ගෙවන්න ඕනේ සල්ලි දුන්න විගස. වටිනාකම ඩොලර් 42.8 යි. 2021 සැප්තැම්බර් 15 වෙනකොට ගේන්නත් ඕනේ. දැන් 15 පැන්නා නේද ඊළඟට තව එකක් දුන්නා සියයට 15 ක් නයිට්‍රජන් ප්‍රොටින් පෙස්ට්‍රයිඩ්ර් එකක්. මෙට්‍රික් ටොන් 3000 ක් ගේනවා. මම දන්නේ නැහැ මොකටද ගේන්නේ කියලා. මෙට්‍රික් ටොන් එකක් 2318 ක් ඩොලර්. ඒකියන්නේ කිලෝ එකක් ඩොලර් 2.13 ක් වෙනවා. ආසන්න වශයෙන් 450ක් වෙනවා රුපියල්. 450 ක් දීලා පෙට්සයිඩර් එකක් ගේන්න. කිලෝ එකක්.. රත්‍රං හැදෙන්නේ නැහැ මේ ගස්වල