මියගිය මුහුදු සත්ත්ව සාම්පල විදෙස් රසායනාගාර වෙත..

එක්ස්ප්‍රස් පර්ල් ගින්නෙන් මියගිය මුහුදු සත්ත්වයින්ගේ සාම්පල විදෙස් රසායනාගාර වෙත..

by Staff writer 19-09-2021 | 11:36 AM

COLOMBO (News 1st) – මුහුදුබත් වෙමින් ඇති එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑමෙන් මියගිය බවට සැක කරන මුහුදු සත්ත්වයින්ගේ සාම්පල කිහිපයක් විදෙස් රසායනාගාර වෙත යොමු කර තිබේ.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහදුපුර මහත්මිය සඳහන් කළේ, වෙරළට ගොඩ ගැසූ ඇතැම් බහාලුම්වල පැවති ප්ලාස්ටික් කොටස් සාම්පල ද බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර රාසායනාගාර වෙත යොමු කළ බවය. තවත් සත්ත්වයින්ගේ කොටස් රසායනාගාර පරීක්ෂණ සඳහා අමෙරිකාව සහ ප්‍රංශය වෙත යොමු කිරීමට එම රාජ්‍යයන් සමග සාකච්ඡා කරමින් ඇතැයි ද ඇය ප්‍රකාශ කළා ය. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගින්න හේතුවෙන් මුහුදට වැටුණු බහාලුම් සංඛ්‍යාව කොපමණ ද, ඉන් සිදුවූ හානිය කෙසේ ද යන්න සම්බන්ධයෙන් නෞකාව හිමි සමාගම විසින් පත් කළ භාරකාර සමාගම අධ්‍යනයක් ද ආරම්භ කර තිබේ . එම වාර්තා මත පදනම්ව ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති. මේ අතර මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාව එම මුහුදු කලාපයෙන් ඉවත් කර ගැනීමට සමාගමක් තෝරා ගැනීම සඳහා වන ටෙන්ඩර් කැඳවීම ලබන 21 වැනිදා අවසන් වීමට නියමිතව ඇතැයි ද දර්ශනී ලහදුපුර මහත්මිය ප්‍රකාශ කළා ය.