අවුරුදු 60ට වැඩි ලක්ෂයක් කොවිඩ් එන්නත අරන් නැහැ..

අවුරුදු 60ට වැඩි ලක්ෂයක් කොවිඩ් එන්නත අරන් නැහැ..

by Staff writer 19-09-2021 | 10:38 AM

COLOMBO (News 1st) –  වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් ලක්ෂයකට අධික පිරිසක් කොවිඩ් මර්දන එන්නත් ලබා ගෙන නොමැති බව අනාවරණ වී තිබේ.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, ක්ෂේත්‍ර නිලධාරීන් කළ සොයා බැලීමකදී ඒ බව හෙළිවූ බවය. එන්නත්කරණය සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය කරුණු මත පදනම්ව පුද්ගලයින් රැසක් කොවිඩ් මර්දන එන්නත ප්‍රතික්ෂේප කර ඇතැයි අමාත්‍යාංශය පෙන්වා දෙයි. එන්නත්කරණයට යොමු නොවූ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් වැඩි දෙනෙකු වාර්තා වන්නේ යාපනය දිස්ත්‍රික්කයෙන් ය. එම සංඛ්‍යාව 21, 000 කට අධිකය. කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 3900 ක් , මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 7000 කට අධික පිරිසක් කොවිඩ් මර්දන එන්නත ලබාගෙන නොමැත. අම්පාර සහ පුත්තලම දිස්ත්‍රික්කවල වයස අවුරුදු 60 වැඩි සියලු දෙනා කොරෝනා මර්දන එන්නත් ලබා ගෙන ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය.