අසභ්‍ය දර්ශන පල කළ අයෙක් CID දැලේ..

අන්තර්ජාලයට අසභ්‍ය දර්ශන upload කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

by Staff writer 19-09-2021 | 12:52 PM

COLOMBO (News 1st) – අන්තර්ජාලය ඔස්සේ නිරුවත් දර්ශන ඇතුළත් විඩීයෝ දර්ශන පළ කළ සැකකරුවෙකු ‍අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ලද තොරතුරකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) කළ මෙහෙයුමකදී ය. 52 හැවිරිදි සැකකරු සීදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු අද (19)කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.