by Staff writer 19-09-2021 | 12:41 PM
COLOMBO (News 1st) – ඉගිණියාගල ප්‍රදේශයේදී යකඩ පට්ටමකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුර දිග යෑමෙන් මෙම පහරදීම සිදුව ඇති බවය.
මියගොස් ඇත්තේ , වයස අවුරුදු 58 ක වාවින්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.