අභ්‍යවකාශ සංචාරකයින් රැගත් යානය යළි පෘථිවියට..

අභ්‍යවකාශ සංචාරකයින් රැගත් යානය යළි පෘථිවියට..

by Staff writer 19-09-2021 | 12:58 PM

COLOMBO (News 1st) – අභ්‍යවකාශ සංචාරකයින් 4 දෙනෙකු රැගත් යානය පෘථිවිය වටා කක්ෂගතවීමෙන් අනතුරුව අත්ලාන්තික් සාගරය ආශ්‍රිත ප්‍රදේශයට සාර්ථකව ගොඩබස්වා ති‌බේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙලෙස පෘථිවිය වටා සාර්ථකව දින 3ක් කක්ෂගත වූ පළමු සාමාන්‍ය පුරවැසියන් කණ්ඩායම මොවුන් බවය. ඉන්ස්පිරේෂන් ෆෝ ලෙස හැදින්වෙන මෙම යානය පසුගිය බදාදා ෆ්ලොරිඩා සිට අභ්‍යවකාශගත කෙරිණි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බිලියනපතියෙකු ලෙස සැලකෙන ජෙරඩ් අයිසෙක්මෙන් මෙහි නියමුවා ලෙස කටයුතු කර ඇති බවය.