අපරාධ රැසකට සම්බන්ධ 4 දෙනෙකු අත්අඩංගුවට...

අපරාධ රැසකට සම්බන්ධ 4 දෙනෙකු අත්අඩංගුවට...

by Staff writer 19-09-2021 | 12:38 PM

COLOMBO (News 1st) – අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් 04 දෙනෙකු මිද්දෙණිය හා රාගම ප්‍රදේශවල මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, මිද්දෙණිය, ජුලම්පිටිය හන්දියේදී රන්මාල කොල්ලකෑම හා ගෙවල් බිඳුම් රැසකට සම්බන්ධ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු අත්අඩංගුවට ගත් බවය. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 08 ක් සොයාගෙන තිබේ. සැකකරුගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අපරාධ රැසකට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගල්පොත්ත යාය හන්දිය ප්‍රදේශයේදී ය. මොවුන් වලස්මුල්ල, බෙලිඅත්ත, තංගල්ල හා ඇඹිලිපිටිය පොලිස් වසම්වල සිදුවූ අපරාධ රැසකට සම්බන්ධ බව අනාවරණය වී තිබේ. මේ අතර ගෙවල් බිඳ දේපොළ සොරා ගැනීමේ සිද්ධිවලට අදාළ තවත් සැකකරුවන් දෙදෙනෙකු ඉඹුල්ගොඩ හා ගනේමුල්ල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගනු ලැබුවේ ය. 30 සහ 31 හැවිරිදි සැකකරුවන් එම ප්‍රදේශවලම පදිංචිකරුවන් ය. සැකකරුවන් සන්තකයේ තිබී රන් භාණ්ඩ , ජංගම දුරකතන ඇතුළු දේපොළ පොලීසිය භාරයට ගෙන තිබේ.