හෙරොයින් සමග කොටු වූ විදේශිකයින් 9 කොළඹ වරායට

‍මහ මුහුදේදී හෙරොයින් සමග කොටු වූ විදේශිකයින් 9 දෙනා කොළඹ වරායට

by Staff writer 18-09-2021 | 9:10 AM

COLOMBO (News 1st) – හෙරොයින් විශාල තොගයක් සමග අත්අඩංගුවට ගත් විදේශිකයින් 9 දෙනා සහ යාත්‍රාව කොළඹ වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදා පවසයි.

අදාළ සැකකරුවන් පසුගියදා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී ය. විදෙස් ජාතික සැකකරුවන් 09 දෙනා සහ හෙරොයින් ඉදිරි විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දෙන බව ද නාවික හමුදාව ප්‍රකාශ කළේ ය.