වැව්වල ඇවිදින මංතීරුවලට නිර්දේශ ගැනීමේ තීරණයක්..

වැව්වල ඇවිදින මංතීරු ඉදි කිරීමට පෙර කමිටු නිර්දේශ ලබා ගැනීමේ තීරණයක්..

by Staff writer 18-09-2021 | 9:49 AM

COLOMBO (News 1st) – වැව් ආශ්‍රිතව ඇවිදින මංතීරු ඉදි කිරීමට පෙර ඒ පිළිබඳ කමිටු නිර්දේශ ලබා ගැනීමට තීරණය කර තිබේ.

වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් නිහාල් සිරිවර්ධන මහතා පැවසුවේ, තාක්ෂණික කමිටුවක් මගින් අධ්‍යනය කර සියලු පාර්ශවයන්ගේ එකඟතාව මත පමණක් එවැනි ඉදිකිරිම් සඳහා අනුමැතිය ලබා දෙන බවය. ඒ අනුව, පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව ඇවිදින මංතීරුවේ ඉදිකිරීම් අත්හිටුවා ඇතැයි ද, ඔහු සඳහන් කළේ ය. මීට අමතරව කන්තලේ වැව ආශ්‍රිත ඇවිදින මංතීරුවක් ඉදි කිරීමට යෝජනා වූ අතර එම කටයුතු ද අත්හිටුවිය. ඒ, අවසන් එකඟතාවක් නොලැබීම හේතුවෙනි. කුමන ඉදි කිරීමක් සඳහා වුව ද, ජනතා එකඟතාවය සැලකිල්ලට ගැනීමට තීරණය කර ඇතැයි වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් නිහාල් සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.