වැලිකඩ බන්ධනාගාරයෙන් තහනම් ද්‍රව්‍ය පාර්සල් 07ක්..

වැලිකඩ බන්ධනාගාරයෙන් තහනම් ද්‍රව්‍ය පාර්සල් 07ක්..

by Staff writer 18-09-2021 | 9:25 PM

COLOMBO (News 1st) –  වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ තිබී තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සල් 07 ක් සොයාගෙන තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, වනාතමුල්ල ප්‍රදේශයේ සීමා තාප්පයට ඉහළින් අදාළ පාර්සල් බන්ධනාගාරය තුළට විසි කර ඇති බවය. පාර්සල්වල තිබී අයිස් මත්ද්‍රව්‍ය, ජංගම දුරකතන 02 ක්, සිම්පතක් හා මත්පෙති බවට සැක කළ හැකි පෙති 35 ක් සොයාගෙන තිබේ.