මෙරට ගංගා සංරක්ෂණයට ව්‍යාපෘති 36 ක්..

මෙරට ගංගා පද්ධතිය සංරක්ෂණයට ව්‍යාපෘති 36ක්..

by Staff writer 18-09-2021 | 1:58 PM

COLOMBO (News 1st) – මෙරට ගංගා පද්ධතිය සංරක්ෂණය කිරීම සඳහා ව්‍යාපෘති 36ක් ඉදිරිපත්ව ඇතැයි පරිසර අමාත්‍යාංශය පවසයි.

මාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, දිස්ත්‍රික්ක 18 ක ගංගා 25 ක් සඳහා මෙම ව්‍යාපෘති ඉදිරිපත්ව ඇති බවය. ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 120කි. ''සුරකිමු ගංගා වැඩසටහන ''යටතේ අතුරු ගංගා සංවර්ධනය කිරීමට ද නියමිත බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ ය.