මහ මුහුදේදී වැටලූ හෙරොයින්වල වටිනාකම රුපියල් මිලියන 1575ක්..

by Staff writer 18-09-2021 | 11:12 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ දී නාවික හමුදාව භාරයට ගත් හෙරොයින් තොගයේ බර කිලෝග්‍රෑම් 170 යි ග්‍රෑම් 866 ක් බව අණාවරණය වී තිබේ.

එහි වටිනාකම රුපියල් මිලියන 1575 කට අධිකය. පසුගිය 10 වැනි දා විදේශීය ජාතික සැකකරුවන් 09 දෙනෙකු සමග අදාළ යාත්‍රාව නාවික හමුදාව අත්අඩංගුවට ගනු ලැබිණි. සැකකරුවන් හා යාත්‍රාව අද(18) උදෑසන කොළඹ වරායට රැගෙන එනු ලැබුවේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සිදුරළ නෞකාවේ ආරක්‍ෂාව යටතේයි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් ( මෙහෙයුම් ), රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන මහතා,
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන්නේ විදේශගතව සිටින ශ්‍රී ලාංකික ජාවාරම්කරුවන් විසින් ඔවුන් විදේශීය යාත්‍රා සහ පුද්ගලයින් යොදාගෙන අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට නිරිතදිගට හා දකුණුදිගට වන ගැඹුරු ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයට මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරනු ලබනවා. ඉන්පසුව ඔවුන්ට සහය දක්වන ඇතැම් ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රා හා හිමිකරුවන් යොදාගෙන ඈත මුහුදේදී මේ මත්ද්‍රව්‍ය හුවමාරු කරගෙන සූක්ෂමව ශ්‍රී ලංකාවට ගෙන එනු ලබනවා.