මහින්ද සමරසිංහ මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමේ සූදානමක්

මහින්ද සමරසිංහ මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමේ සූදානමක්..

by Staff writer 18-09-2021 | 12:52 PM

COLOMBO (News 1st) – කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා එම ධුරයෙන් ඉවත් වීමට සූදානම් වෙයි.

ඒ, අමෙරිකා හා මෙක්සිකෝ තානාපති තනතුර භාර ගැනීමේ අරමුණින් ය. අයවැයෙන් පසු ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වනු ඇති බවට වාර්තා වෙයි. මහින්ද සමරසිංහ මහතාට පසුව පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ මීළඟට සිටින්නේ ලලිත් වර්ණකුමාර මහතායි.