COLOMBO (News 1st): එළැඹෙන සඳුදා(20) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) හමුවේ පෙනී සිටින්නැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මනූෂ නානායක්කාර මහතාට කැඳවීමක් කර තිබේ.
සිය Facebook ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා පවසා තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක වෝහාරික අංශය මගින් සිදුකරන විමර්ශනයකට අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා එලෙස කැඳවා ඇති බවය.
