පුද්ගල ඝාතනය 03ක්..

පුද්ගල ඝාතනය 03ක්..

by Staff writer 18-09-2021 | 11:56 AM

COLOMBO (News 1st) –ඇල්ල, උඩුවරවත්ත, උඩකොටස ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුර දිගයාම ඝාතනයට හේතු වී ඇති බවය. සිද්ධියෙන් තවත් තිදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කර තිබේ. මේ අතර වැලිවේරිය, නැඳුන්ගමුව ප්‍රදේශයේදී පිහියකින් ඇන කාන්තාවක් ඝාතනය කර තිබේ. ඇයගේ මුණුබුරා විසින් ඝාතනය සිදු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. දොඩන්ගොඩ, කජුදුව ප්‍රදේශයේදී ද පොරවකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබේ. පවුල් ආරවුලක් ඝාතනයට හේතුවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කාන්තාවගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේ ය.