තවත් සයිනෝෆාම් මාත්‍රා මිලියන 04ක් මෙරටට..

තවත් සයිනෝෆාම් මාත්‍රා මිලියන 04ක් මෙරටට..

by Staff writer 18-09-2021 | 9:30 AM

COLOMBO (News 1st) – චීනයේ නිෂ්පාදිත තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 04 ක් අද (18) අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවේ ය.

ඒ, චීනයේ බිජීං නුවර සිටයි. එන්නත් මාත්‍රා මිලියන 04ක් ශ්‍රී ලංකාවට රැගෙන ආ දෙවන අවස්ථාව මෙය වේ. එන්නත් තොගය ඖෂධ නීතිගත සංස්ථාවේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යනු ඇති . මේ අතර විවිධ රෝගාබාධ සහිත දරුවන් එන්නත්කරණය ලබන සතියේ ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ඔහු සඳහන් කළේ , ඔවුන්ට ෆයිසර් එන්නත ලබා දීමට තීරණය කළ බවයි.