''කැබිනට් ඇමතිවරු, මුදල් ඇමති එක්ක රටේ වගකීම භාරගෙන කටයුතු කරනවා''- ඇමති රෝහිත

by Staff Writer . 18-09-2021 | 8:56 PM

COLOMBO (NEWS1ST) :  ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා විදේශගතව ඇති අවස්ථාවේ රටේ වගකීම් පැවරෙන්නේ කාට ද?

වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසන්නේ, අග්‍රාමාත්‍යවරයා යළි පැමිණ වගකිම භාර ගන්නා බවත් ඒ වන තුරු මුදල් අමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට රටේ වගකිම් භාර දි ඇති බවත් ය. ජනාධිපතිවරයා එනතුරු කැබිනට් අමාත්‍යවරු ලෙස මුදල් අමාත්‍යවරයා සමග එම වගකීම කැබිනට් මණ්ඩලයට භාරගෙන කටයුතු කරන බවයි.
''සමාන්‍යයෙන් අපේ රටේ ජනාධිපති, දැන් අගමැතිතුමා නොබෝ දිනකින් ලංකාවට එනවා. අගමැතිතුමා අවාට පස්සේ අගමැතිතුමා ඒ වගකීම භාර ගන්නවා. ඒ වන තුරු ගරු මුදල් ඇමතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය, රටේ වගකිම් ටික භාර දිලා තියෙනවා. ඊයේ දවසේ අතිගරු ජනාධිපතිතුමා කොවිඩ් මීටිම පවත්වලා කිවුවා මම විදේශගත වනවා. විදේශ ගත වෙලා එනතුරු මේ වගකිම් ටික භාර ගන්න කියලා.රජයක කැබිනට් අමාත්‍යවරු හැටියට අපේ මුදල් ඇමතිතුමත් එක්ක ඒ වගකිම භාරගෙන අපි කටයුතු කරනවා''