වෙළෙඳපොළේ තවමත් හරියට ගෑස් නැත්තේ ඇයි?

වෙළෙඳපොළේ තවමත් හරියට ගෑස් නැත්තේ ඇයි?

by Staff writer 17-09-2021 | 2:42 PM

COLOMBO (News 1st) - වෙළෙඳපොළේ අදත් ගෑස් පොලිම් දක්නට ලැබුණි.

බොහෝ ප්‍රදේශවල ලාෆ්ස් ගෑස් නැති අතර ලිට්‍රෝ ගෑස් ද අවසන් වී ඇති බව දැනගන්නට ලැබේ. පවතින ලොක්ඩවුන් තත්ත්වයේදී පවා ජනතාව පොලිම්වල රැඳී සිටින්නේ බඩගින්න ලොක්ඩවුන් කළ නොහැකි නිසායි. ලාෆ්ස් සමාගමට රජයෙන් මිල සහනයක් ලබා දී මාසයකට අධික කලයක් ගත වී ඇතත් තවමත් ගෑස් සැපයුම සෑහීමකට පත්වෙන ආකාරයකට හෝ සම්පූර්ණ කර නොමැත. වෙළෙඳපොළේ ලාෆ් ගෑස් නැත්තේ ඇයි ? මේ ගැන අප ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව් කේ.එච්. වෑගපිටිය මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු පැවසුවේ, ණයවර ලිපි විවෘත කර ගැනීමට නොහැකි තත්ත්වයක් තවමත් පවතින බවය. වෙළෙඳපොළට අඛණ්ව ගෑස් සැපයීම සම්බන්ධයෙන් තීරණය තිබෙන්නේ ඩොලර් මත බව ද ඔහු සඳහන් ක‍ළේය.