ලොහාන් රත්වත්තේ ගැන ඇමති නාමල් කතා කරයි

විනය කැඩීමක් වෙලා තියෙනවා නම් පරීක්ෂණ වලින් තහවුරු වුණායින් පස්සේ තීන්දුවක් ගන්නවා.. - නාමල් ලොහාන් ගැන කතා කරයි

by Staff writer 17-09-2021 | 2:38 PM

COLOMBO (News 1st) - රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්ත්වයට මුහුණ දෙන ආකාරය ගැන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද(17) පෙරවරුවේ අදහස් පළ කළේය.

ක්‍රීඩා අමාත්‍ය, නාමල් රාජපක්ෂ මහතා,
විනය කැඩීමක් වෙලා තියනවා නම් පරීක්ෂණවලින් තහවරු වුණායින් පස්සේ තීන්දුවක් ගන්නවා. පැහැදිලිව අපි කියන්න ඕන මෙවැනි තීරණ අපි අනුමත කරන්නේ නෑ. හෙළා දකිනවා විතරක් නෙවෙයි ඒ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් කරලා නීතිය ක්‍රියාත්මක කරනවා.
ප්‍රශ්නය,
ආණ්ඩුව විපක්ෂයට මාතෘකා සපයනවා ද?
පිළිතුර,
විපක්ෂය විසින් සපයපු මාතෘකාවක් ද කියන එක පරීක්ෂණ කටයුතුවලින් ප්‍රකාශයට පත් කරන්න වෙන්නේ. මොකද විපක්ෂය දිහා බැලුවාම මාතෘකා සපයන්න දක්ෂයි. ජනාධිපතිතුමා අගමැතිතුමා ආණ්ඩුව මෙවැනි සිදුවීම් කිසිසේත් අනුමත කරන්නේ නෑ. එවැන් සිදුවීම් වෙන්න ඉඩ තියන්නෙත් නෑ.
ප්‍රශ්නය,
ආණ්ඩුවේ ප්‍රධාන නිලධාරීන් දිනෙන් දින අසමින් පවතිනවා. ඔවුන් අස්වෙද්දි කියන්නේ ආණ්ඩුවේ ඉහළින් ලැබෙන තීරණ එතරම් සුදුසු නොවන බවයි. එහෙම එකක් තියෙනව ද ?
පිළිතුර,
සමහර විට මේ අභියෝගවලට මුහුණ දෙන්න ඒ අයට අපහසු වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට රාජ්‍ය යාන්ත්‍රණය තුළ ඉඳලා නැති හින්දා දේශපාලන යාන්ත්‍රණය තුළ ඉඳලා නැති හින්දා. සමහර විට ඒ අයටත් මේ අභියෝග දරාගන්න බැරුව ඇති. කෙසේ වෙතත් ඒ අය පුද්ගලිකකාරණා මත ඉල්ලා අස් වෙලා තියෙන්නෙ ඒ අයගේ අයිතිය අපි ආරක්ෂා කරනවා