වන අලි හමුවේ බිළිඳෙකුත් සමග දිවි බේරාගත් පවුලක්..

හාස්කමකින් මෙන් දිවි බේරාගත් පවුලක්..

by Staff writer 17-09-2021 | 9:16 PM

COLOMBO (News 1st) - වන අලි පොළොවටම සමතලා කළ නිවසක අවුරුද්දක බිළිඳෙකු ජීවිතය බේරා ගැනීමට සමත් විය.

හසලක, මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මානවල මිනිස්සු දැන් කාලෙක සිට රෑට නිදාගන්නේ අඩුවෙනි. හොඳට නින්ද ගියොත් ඊළඟ පැය කිහිපය නරකට හිටී. එහි තරමට ගෙවල්වල, මිදුලේ වන අලි. ඊයේ රෑ(16) හසලක, උල්පතගම, කෝන්ගොල්ල ඇල නිවසට අලි ආවේ වී බොන්නයි. නිකම්ම නෙවෙයි, අලි වී බිව්වේ බිත්තියකුත් පෙරළලා. අම්මයි, තාත්තයි ඒ ගැන හොයන්න යනකොට දරුවා සිටි කාමරය මතට තවත් අලියෙක් කොස් ගසකුත් පෙරළලා. ගෙවුණේ තවත් විනාඩි කිහිපයක් පමණයි, කාමරයේ බිත්තියත් කඩාගෙන ඇඳ උඩට වැටුණා. අවුරුද්දක බිළිඳාගේ ජීවිතය බේරුණේ හාස්කමකින් වගේය. අලි එළවා ගත්තේ ප්‍රදේශවාසීන් මැදිහත් වෙලා දැන් මේ මිනිස්සුන්ට ඉන්න තැනකුත් නැහැ, කන්න දේකුත් නැහැ, මේ සිද්ධිය වාර්තා වන්නේ, ඊයේ(16) රාත්‍රියේ. අද(17) උදේ වනතුරුත් වනජීවී නිලධාරීන් පැමිණ සිටියේ නැහැ. මිණිපේ, හසලක මිනිස්සු නිදහසේ රෑට නිදි යන්නේ කවදා ද?