රට විවෘත වෙලා වගේ තමයි මිනිස්සු ක්‍රියා කරන්නේ..

රට තවමත් විවෘත කරලා නැති අවදියකත් විවෘත වෙලා වගේ තමයි මිනිස්සු ක්‍රියා කරන්නේ.. - ප්‍රජා වෛද්‍ය විශේෂඥ සූසී පෙරේරා

by Staff writer 17-09-2021 | 8:31 PM

COLOMBO (News 1st) - රට විවෘත කිරීමට නම් කොරෝනා ව්‍යාප්තිය පාලනය කළ හැකි මට්ටමක් පවත්වාගෙන යා යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, මහජන සෞඛ්‍ය, ප්‍රජා වෛද්‍ය විශේෂඥ සූසී පෙරේරා මහත්මිය,
තරමක් දුරට රෝගය පාලනය වීමක් වෙලා තියනවා. රෝගීන් වාර්තා වීම ගොඩාක් වුණා කළින්, දැන් ඒක යම් ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා අපේ අවදානම තවමත් තියෙනවා අභියෝගය තමයි දැනට රට තවමත් විවෘත කරලා නැති අවදියකත් විවෘත වෙලා වගේ තමයි මිනිස්සු ක්‍රියාකරන්නේ ඒක ඉතිං අපේ ජාතියේ තියන ප්‍රශ්නයක් ඇත්තටම මේක අපට කන්ට්‍රොල් කරගන්න හැම රටක්ම එකවගෙත් නෑ හැම සමාජයක්ම එකවගෙත් නැහැ

රෝගීන් ප්‍රමාණය අඩුවීමට එන්නත්කරණය බලපෑවද ?

සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,
ලොකු වෙනසක් අඩුවීමක් අපි දකිනවා අඩුවීමට සාපේක්ෂව දැඩි ලෙස රෝගාතුර වෙන ප්‍රමාණයක් සාපේක්ෂ අඩුවීමක් වෙනවා ඒ හරහා මියයන රෝගීන් ප්‍රමාණයක් අඩුවක් වෙනවා. ඉදිරි කාලසිමාව තුළ අපි අනිවාර්යෙන්ම මං හිතනවා අපි රෝගින් සියයකට මියයන සංඛ්‍යාව හැටියට සැලකිල්ලට ගත්තාම කේස් ෆේටලටි රේට් කියනවා එවැනි තත්ත්වය ක්‍රමානූකූලව අඩු වුණොත් මං හිතනවා අන්න ඒක එන්නත්කරණයේ ප්‍රතිඵලයක් හැටියට බොහෝ වෙලාවට අපට දකින්න පුළුවන්

පී.සී.ආර්. අඩු කළාද?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, සමන් රත්නප්‍රිය මහතා,
ආණ්ඩුව ඊයේ දවසේ පී.සී.ආර්. පරීක්ෂණ කරලා තියෙන්නේ 9672 යි රෝගීන් වාර්තා වෙන එක සියයට 50 කි න් අඩුවෙනවා. අගෝස්තු 22 දා පී.සී.ආර් සහ රැපීඩ් ඇන්ටිජන් පරීක්ෂණ ලංකාවේ 28000 ක් කළා. එතකොට අද වෙනකොට කරන්නේ පී.සී.ආර් 9662 යි රැපීඩ් ඇන්ටිජන් පරීක්ෂණයි එකතු වුණාම ආසන්න වශයෙන් 13,000යි අද වෙනකොට 2300 ය 2400 වගේ අඩු මට්ටමකට වැටිලා තියෙන්නේ ඒ නිසා පරීක්ෂණ අඩුකරලා පෙන්නලා දත්ත විජ්ජාවක් කරලා තේරුමක් තියනවාද කියන ප්‍රශ්නේ අපි ආණ්ඩුවෙන් අදත් අහනවා