පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද..

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද..

by Staff writer 17-09-2021 | 8:53 AM

COLOMBO (NEWS1ST) : පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද(17) පස්වරු 3.00 ට පැවැත්වෙයි.

ඒ . කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. ඉදිරි සතියේ පාර්ලිමේන්තුව රැස්වන ආකාරය සම්බන්ධයෙන් එහිදී පක්ෂ නායකයින් සාකච්ඡා කිරීමට නියමිත බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, කොවිඩ් ව්‍යාප්තියත් සමග පාර්ලිමේන්තු රැස්වීම සතියට දින 02කට පමණක් සීමා කළ බවය. ලබන අඟහරුවාදා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට යළිත් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන බව ද නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.