පළාත් කිහිපයකට අකුණු සමග ගිගුරුම් සහිත වැසි..

පළාත් කිහිපයකට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි..

by Staff writer 17-09-2021 | 4:42 PM

COLOMBO (News 1st) – උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.