නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරයිද ? තීරණය අද..

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරනවාද නැද්ද ? අවසන් තීරණය අද..

by Staff writer 17-09-2021 | 8:50 AM

COLOMBO (NEWS1ST) : ලබන 21 වැනිදා අලුයම 4.00 දක්වා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවා ද ? නැද්ද ? යන්න අද(17) තීරණය කිරිමට නියමිත ය.

ඒ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ රැස්වීමෙන් අනතුරුවයි. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, මෙම රැස්වීමේදී සෑම අංශයක් ‌පිළිබඳවම සාකච්ඡා කර නිර්දේශ ඉදිරිපත් කරන බවත් , ඉන් අනතුරුව ගන්නා තීරණය එම අවස්ථාවේ ප්‍රකාශ කිරීමට නියමිත බවත් ය.