ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත:සිරකරුවෙකුට නිදහස

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ සිටි සිරකරුවෙකුට නිදහස..

by Staff writer 17-09-2021 | 10:02 PM

COLOMBO (News 1st) - ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත්ව සිටි සිරකරුවෙකු ඊයේ(16) කොළඹ මහසේත්‍රාත් අධිකරණයෙන් නිදහස් කර තිබේ.

එලෙස නිදහස් කර ඇත්තේ, මුලතිව් පුදුකුඩුඉරුප්පු ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන නඩේසු කුහදාසන් නම් අයෙකි. 2009 වසරේදී ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවට භාර වී පසුව පුනරුත්ථාපනය කොට නිදහස් කර ඇති අතර 2013 වසරේ නැවත ඔහු අත්අඩංගුවට පත්වී ඊයේ දිනය වනතුරු සිරගතව සිටියේය.