ඥාණසාර හිමි කළ අනතුරු ඇඟවීම ගැන CID යට පැමිණිල්ලක්

ඥාණසාර හිමි කළ අනතුරු ඇඟවීම ගැන විමර්ශනයක් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයෙන් CID යට පැමිණිල්ලක්

by Staff writer 17-09-2021 | 10:42 PM

COLOMBO (News 1st) - ඉදිරියේදී එල්ලවිය හැකි ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිදු කළ අනතුරු ඇඟවීම පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේත්තුවට පැමිණිල්ලක් භාර දී තිබේ.

සමගි ජන බලවේගයේ පා.ම, ජේ. සී. අලවතුවල මහතා,
ඥාණසාර ස්වාමීන්වහන්සේ පසුගියදා ප්‍රධාන මාධ්‍යට ප්‍රකාශ කරලා තිබුණා මේ රටේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් සම්බන්ධයෙන්. උන්වහන්සේ ප්‍රකාශ කරනවා ඒක කරන්නේ කවුද ඒක කොයි කාලෙද වෙන්නේ නොයෙකුත් කාරණා ගණනාවක්. ඒ නිසා අපි පැහැදිලිවම ඉල්ලන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් කරලා එහෙම අනතුරක් රටට තියනවා නම් ඒ සඳහා අවශ්‍ය පියවර අරගෙන රටේ ජාතික ආරක්ෂාවත් ජනතාවගේ ආරක්ෂාවත් තහවුරු කරන්න අවශ්‍ය පියවර ගන්න කියන එක
සමගි ජනබලවේගයේ පා.ම, රෝහණ බණ්ඩාර මහතා,
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙවැනිම ප්‍රකාශ ආවා. බුද්ධි අංශ වාර්තා කළා. අපි ගණන් නොගෙන හිටියා. ඒ නිසා බුද්ධි අංශවලට වැඩිය තොරතුරු ප්‍රමාණයක් යමක් අපේ ඥාණසාර ස්වාමීන්වහන්සේ දන්නවා කියන එක උන්වහන්සේගේ ප්‍රකාශයත් එක්ක අපිට පැහැදිලි වුණා. ඒ නිසා උන්වහන්සේ හරහා අපිට මේ රටේ මේ වෙන්නයන මිලේජ්ජ අපරාධයට අපිට සහනයක් ලබා ගන්න පුළුවන් කියන එකයි අපේ විශ්වාසය
රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා,
මෙහෙමයි දැන් රජයක් විදියට අපි කොයිවෙලෙත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සිරුවෙන් ඉඳලා තියෙනවා හැමදාම රාජපක්ෂ රජය. ජනාධිපතිතුමා යන්නේ එක්සත් ජාතින්ගේ සමුළුවට. හැබැයි රටේ වගකීම ආරක්ෂාව ඒවා නිසියාකාරව ඒ වගකීම් ටික එතුමා පවරලා යාවි. ඒ වගේම බුද්ධි අංශත් ත්‍රිවිධ හමුදා පොලීසිය නිතරම සිරුවෙන් අපේ රජය තුළ හැමදාම තියලා තියෙනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත් වුණාට පස්සෙත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් දිලා කටයුතු කරලා තියෙනවා.