by Staff writer 17-09-2021 | 6:50 PM
COLOMBO (News 1st) – චීනයෙන් මෙරටට ගෙන්වූ කාබනික පොහොර සාම්පල වලින් අර්වීනියා නැමති ක්ෂුද්‍ර ජීවීන් හමුවීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද(17) කරුණු පැහැදිලි කළේය.
අමාත්‍යවරයා පැවසුවේ, අදාළ ක්ෂුද්‍ර ජීවීන් හමු වී ඇත්තේ නිල නොවන මට්ටමින් චීනයෙන් පරීක්ෂණ සදහා ගෙන්වූ කාබනික පොහොර සම්පලයකින් බවය.
එම ක්ෂුද්‍ර ජීවීන් සොයා ගැනීම සැක කටයුතු නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) පැමිණිලි කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
එළඹෙන මහ කන්නය සඳහා ආනයනය කරන කාබනික පොහොරවල කිසිදු ශාක, සත්ව හා මනුෂ්‍යයින්ට හානිකර ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් නොමැති බවට රජය සහතික වන බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ ය.
ඔහු පැවසුවේ, සාධාරණ මිලක් ගොවීන්ට ලබා දී තිබියදී දිගින් දිගටම උද්ඝෝෂණ කළහොත් වෙළෙඳ අමාත්‍යවරයාට සහල් ආනයනය කිරීමට සිදු වනු ඇති බවය.
https://www.youtube.com/watch?v=mJD5nhIUkuA