ගොවි බිමේ ගැටලු අවබෝධ කර ගැනීමට ආණ්ඩුව සමත් වී නෑ

ගොවි බිමේ ගැටලු අවබෝධ කර ගැනීමට ආණ්ඩුව සමත් වී නෑ - විපක්ෂ නායක

by Staff writer 17-09-2021 | 8:38 PM

COLOMBO (News 1st) - ගොවි ජනතාව කෘෂිකර්මාන්තයෙන් ඈත් වීම හා ගොවීන්ගේ ජීවන තත්ත්වය බිඳ වැටීම වැළැක්වීමට වහාම විසඳුම් ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

පවතින තත්ත්වය හමුවේ ගොවි ජනතාව ඉදිරියේ කන්නයට සූදානම් වන්නේ දැඩි අපේක්ෂා භංගත්වයකින් බව විපක්ෂ නායකවරයා අද (17) නිකුත් කළ නිවේදනයක සඳහන් ය. ගොවි බිමේ ගැටලු අවබෝධ කර ගැනීමට ආණ්ඩුව සමත් වී නැත. මේ නිසා ගොවීන් වෙනුවෙන් සාධනීය හා සාධාරණය මැදිහත් වීමක් නොවන බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි. කොරෝනා වසංගතයත් සමග අරගල කරන ලොව බොහෝ රටවල් සෞඛ්‍ය හා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රමුඛත්වය දී කටයුතු කළත් මෙරට ආණ්ඩුව ඒ දෙකම දුර්මුඛ කොට ඇති බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.