තවත් කොරෝනා මරණ 121 ක්

කොරෝනා මරණ සංඛ්‍යාව 11,938 ක් දක්වා ඉහළට...

by Sagarika Chathumali 17-09-2021 | 6:49 PM

COLOMBO (NEWS1ST): සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තවත් කොරෝනා මරණ 121 ක් තහවුරු කරනු ලැබීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 11,938 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 62 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 59 දෙනා කාන්තාවන් ය. වාර්තා වූ මරණ අතර වයස අවුරුදු 30ට අඩු එක් පිරිමි ආසාදිතයෙකු ද වේ. මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 28 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 92 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය. අද (17) වාර්තා කරන ලද මෙම මරණ 121 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.