කටුනායක Airport ආරක්ෂාව ගැන බයවෙන්න එපා

කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂාව ගැන ජනතාව කිසිදු තැති ගැන්මක් ඇති කරගත යුතු නැහැ - ආරක්ෂක ලේකම්

by Staff writer 17-09-2021 | 2:46 PM

COLOMBO (News 1st) - කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව කිසිදු තැති ගැන්මක් ඇති කරගත යුතු නැතැයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ගුවන්තොටුපොළ අධිකාරීන් වෙත ලැබුණු අසත්‍ය ඊ-මේල් පණිවුඩයක් හේතුවෙන් ආරක්ෂාව පිළිබඳව කතා බහක් ඇති විය. රටේ ආරක්ෂාව සහ නීතිය ආරක්ෂා කිරීම පිණිස අඛණ්ඩවම සන්නද්ධ සේවා සිය රාජකාරී සිදු කරමින් සිටී. මේ අතර කොළඹ පෞද්ගලික රෝහලක තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින බව ද මෙම නිවේදනයේ සඳහන් වැඩිදුරටත් සඳහන් විය.