ආණ්ඩුවට ඇත්තටම මුදල් තියෙනවද?

ආණ්ඩුවට සල්ලි නැත්නම් කොහොමද රාජ්‍ය සේවකයාට අපි පඩි ගෙවන්නේ? - ජොන්ස්ටන් ප්‍රනාන්දු: ලයිට් බිල්වලින් සල්ලි නැතුව අපි අමාරුවේ වැටිලා ඉන්නේ.. - ගාමිණි ලොකුගේ

by Staff writer 17-09-2021 | 2:54 PM

COLOMBO (News 1st) - ආණ්ඩුවට ඇත්තටම මුදල් තියෙනවද?

මේ පිළිබඳව මාධ්‍යවේදියෙකු මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ය. ඒ, අද (17) පෙරවරුවේ කොළඹ ඩබ්ලිව්. ඒ. ද සිල්වා මාවත සිට පාමංකඩ පාලම දක්වා කොටසේ මාර්ගය දෙපස පැළ සිටුවීමේ ව්‍යාපෘතිය අතරතුරදීය. එහිදී මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ, ආණ්ඩුවට සල්ලි තිබෙන බවත් එසේ නොමැතිනම් නිවෙස්වල සිටින රාජ්‍ය සේවකයින්ට පඩි ගෙවන්නනේ කෙසේද යන්න ඔහු කියා සිටියේය. ඔහු වැඩිදුරටත් පැවසුවේ, පවතින ආණ්ඩුව බංකොලොත් වී නොමැති අතර එලෙස බංකොලොත් වූයේ පැවති ආණ්ඩුව බවය. මේ අතර විදුලි බිල්පත්වලින් ඉක්මණින් මුදල් නොලැබුණහොත් විදුලි බල මණ්ඩලය පවත්වාගෙන යාමේ අපහසුතාවක් පවතින බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි. මාසයකට විදුලි බිල්පත්වලින් බිලියන 44ක් පමණ ආදායම ලැබෙන නමුත් මෙවර නිසි පරිදි එම ආදායම නොලැබීම හේතුවෙන් විදුලි බල මණ්ඩලය ආර්ථික අපහසුතාවකට පත්ව ඇති බව ගාමිණි ලොකුගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.