''කවදාවත් බන්ධනාගාරයට බීමතින් ගිහින් නෑ... ඒක වුණා නම්, ඉතින් CCTV දාන්න එපැයි එළියට'' - ලොහාන් රත්වත්තේ

by Sagarika Chathumali 17-09-2021 | 12:44 PM

COLOMBO (NEWS1ST) : තමන් කිසිදු දිනක බීමතින් බන්ධනාගාරයක් තුළට ඇතුළු වී නැතැයි, පසුගිය දා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසයි.

දැනට මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරය දරන ලොහාන් රත්වත්තේ පවසන්නේ, දිවයිනේ පිහිටි බන්ධානාගර 29 සහ පුනරුත්තථාපන මාධ්‍යස්ථාන දෙක ඇතුළු ස්ථාන 31 කට ම තමා ගොස් ඇති බවයි. කිසිදු පුද්ගලයෙකුට බන්ධනාගරයක් තුළට ගිනි අවියක් රැගෙන යා නොහැකි බවත් තමා ද ගිනි අවියත් තියා සිය ජංගම දුරකතනය හෝ බන්ධනාගාර තුළට රැගෙව නොයන බව රාජ්‍ය අමාත්‍යවරයා බවයි. මහර ගිනිගන්නා අවස්ථාවේ තමාට බන්ධනාගාර අමාත්‍යංශය භාරදුන් බවත්  ගිනිදැල් නිවා බන්ධනාගාරය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ලෙස ප්‍රතිස්ථාපනය කළේ,  තමන් බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය. රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ජනපති, අගමැති ඇතුළු රජය අපහසුතාවට පත් නොවන ලෙස පරීක්ෂණයක් සිදු කරගෙන යාමට ඉඩදී තමන් බන්ධනාගාර අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ බවයි. මෙහිදී බන්ධනාගරයේ CCTV දර්ශන පිළිබඳව ද නිව්ස්ෆස්ට් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ය. මේ ඔහු ඊට දුන් පිළිතුරයි..

''CCTV කතන්දර නේ, CCTV මකන්න බෑ නේ...CCTV ඒකේ ඇති ඉතින්... ඒක වුණා නම්, ඉතින් දාන්න එපැයි එළියට''

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඇමති ධුරයෙන් ඉල්ලා අස් වූයේ, පසුගිය 15 වනදායි. ජනාධිපති මාධ්‍ය අංශය එදින නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හිදී තමා අතින් සිදු වූ සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමින් ලොහාන් රත්වත්තේ ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි.