4G පහසුකම් නැති ප්‍රදේශවලට සන්නිවේදන කුළුණු 107 ක්

4G පහසුකම් නැති ප්‍රදේශවලට සන්නිවේදන කුළුණු 107 ක්

by Staff Writer . 16-09-2021 | 11:01 AM

COLOMBO (NEWS1ST) : 4G පහසුකම් නොමැති ප්‍රදේශ ආවරණය කරමින් සන්නිවේදන කුළුණු ඉදිකිරිම මේ වනවිට සාර්ථකව සිදුවන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඕෂධ සේනානායක මහතා පවසයි.

ගමට සන්නිවේදනය ව්‍යාපෘතිය යටතේ එය ක්‍රියාත්මක වේ. ඔහු සඳහන් කළේ, 4G පහසුකම් නොමැති රත්නපුර දිස්ත්‍රික්කයේ සන්නිවේදන කුළුණු 37 ක් ඉදිකිරිම මේ වනවිට ආරම්භ කර ඇති බවයි. එම කටයුතු ලබන මාසයේ අවසන් වීමට නියමිත බව ද ඔහු සඳහන් කළේ ය. ඒ අනුර රත්නපුර දිස්ත්‍රික්කයේ දැනට පවතින 4G පහසුකම් ලබා ගැනීමේ ගැටලුව අවසන් වනු ඇති. මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ සන්නිවේදන කුළුණු 47 ක් හා මාතර දිස්ත්‍රික්කයේ කුළුණු 23 ක් ව්‍යාපෘතිය යටතේ මේ වනවිට ඉදිකෙරෙමින් පවතින බව ඔහු ප්‍රකාශ කළේ ය. මීට අමතරව අනුරාධපුර,මහනුවර,බදුල්ල හා කෑගල්ල දිස්ත්‍රික්කවල 4G පහසුකම් නොමැති ප්‍රදේශ හඳුනාගෙන ඒ සඳහා සන්නිවේදන කුළුණු ඉදිකිරීම සම්බන්ධ තාක්ෂණික අධ්‍යයනයක් මේ වනවිට ක්‍රියාත්මකයි. මෙම සියලු සන්නිවේදන කුළුණු මෙරට නිෂ්පාදනය කළ කුළුණු වීම විශේෂත්වයකි. ගමට සන්නිවේදනය ව්‍යාපෘතිය යටතේ මුළු දිවයිනටම 4G පහසුකම් ලබා දීම කඩිනමින් අවසන් කරන බව ද ඕෂධ සේනානායක මහතා ප්‍රකාශ කළේ ය.