COLOMBO (News 1st) - 2006 සිට 2015 දක්වා කාලය තුළ මහ බැංකුවේ සිදු වූ බව කියන වංචා හා අක්‍රමකිතා පිළිබඳ වෝහාරික විගණන වාර්තාවට සිදු වූයේ කුමක් ද?
එහි විමර්ශන යට ගියේ ඇයි?
සමගි ජන බලවේගය අද (16) මේ ගැන ප්‍රශ්න කළේය.
සමගි ජන බලවේගයේ පා.ම, එස්. එම්. මරික්කාර් මහතා,
2006 ඉඳලා 2015 දක්වා මහ බැංකුව තුළ සිදු වුණා යැයි කියන, නොයෙකුත් දූෂණ, වංචා, අක්‍රමිකතා මුදල් කළමනාකරණය පිළිබඳව කොමිසමක් පත් කරලා තිබුණා. වෝහාරික විගණන වාර්තාවක්. මේ වෝහාරික විගණන වාර්තාවේ නොයෙකුත් නිර්දේශ, නොයෙකුත් ප්‍රශ්න කිරීම් කරලා තියෙනවා. මේ එකකටවත් කබ්රාල් මහත්තයා සදාචාරාත්මක පුද්ගලයෙක් නම් නැවත මහ බැංකුවට වාඩි වෙන්න කලින් මේවට උත්තර දීලා ඉන්න ඕන. අද වෙනකන් උත්තර දීලත් නැහැ. මේ වෝහාරික විගණන වාර්තාව මත පදනම්ව ඒ නිසි විමර්ශනයක් කරලා, දඬුවම් දියයුතු අයට දඬුවම් දීලත් නැහැ. ඒ තත්ත්වයක් තුළ තමයි කබ්රාල් මහත්තයාව නැවත ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසා මෙතුමට කිසිම සුදුසුකමක් නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම ඉදිරි දින කිහිපය තුළදී උසාවියට මූලික අයිතිවාසිකම් පෙත්සමක් මෙතුමාගේ පත්වීමට විරෝධතාවය ප්‍රකාශ කරමින් ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. මොකද මේක අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනුවලදී අපේ රටට ඉතාම අවාසි සහගත තත්ත්වයක් මතු වෙනවා.